මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටළුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15 ත් 20 ත් අතර කාල වන විට විදේශ ගමන් බලපත්‍ර පෝලිම අවසන් කළ හැකි යැයි අධ්යක්ෂවරයා දැනුම් දුන් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) දින ප්‍රකාශ කර සිටියා .
බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (25) දින පෙරවරුවේ වැඩ භාරගැනීමෙන් පසුවයි විජිත හේරත් මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ .
විදේශ ගමන් බලපත්‍ර ගැනීමට ඇති පෝලිම නැති කිරීමට විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන් බවද ඔවුන්ගේ යෝජනා බලා විකල්ප ක්‍රමවේද වෙත යන බව ද විජිත හේරත් මහතා සඳහන් කර සිටියා .