මුදල් අමාත්‍යාංශ නව ලේකම්වරයා හා ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරුන් රාජකාරී ආරම්භ කළා.
මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වු මහින්ද සිරිවර්ධන මහතා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළා.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු හා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මහින්ද සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා භූතානයේ විකල්ප විධායක අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වු ඒ එම් පී එම් බී අතපත්තු මහතා සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කළා.
මහා භාණ්ඩාගාරයේ මෙන්ම විවිධ දෙපාර්තමේන්තුවල වසර 26කට අධික කාලයක් සේවය කර ඇති ඒ මහතා මීට පෙර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.