කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පුන්සර අමරසිංහ යන අයට එරෙහි නඩුවේ අවසන් වාර්තාව ලබන දෙසැම්බර් 14 වනදා ගොණු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි පුන්සර අමරසිංහ යන අයට චෝදනා එල්ල වී ඇත්තේ.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් 04 දෙනෙකු ත්රස්තවාදීන් බවට පාස්කු ප්‍රහාර වාර්තාවේ ඇතැයි ප්‍රකාශ සිදු කර ඇති බවයි චෝදනාවල දැක්වෙන්නේ.
මහජනයා බියගන්වන සුලු ආකාරයේ ප්‍රකාශ සිදු කළ බවට සැකකාර කථිකාචාර්යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
විරෝධතා දැක්වීමේ හැගීම් අවුස්සමින් හෝ ඇවිස්සීමට තැත් කිරීම ද ඔහුට එරෙහි චෝදනායි.