ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම මෙන්ම අනිසි තීරුබදු පියවර ක්‍රියාත්මක කිරීම සිදු නොකළ යුතු බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සඳහන් කරනවා.
නිව්යෝර්ක්හි දී ඊයේ(24) ජර්මානු විදේශ අමාත්‍ය Annalena Baerbock මහත්මිය සමග පැවති ද්විපාර්ශ්වික හමුවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළා.
චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම දෙපාර්ශ්වයටම මෙන්ම ලෝක ස්ථාවරත්වයට හිතකර වී ඇති බවත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහයෝගිතාව දෙපාර්ශ්වයේ සබඳතා සඳහා පදනම බව ද හෙතෙම අවධාරණය කළා.
මේ අතර Annalena Baerbock මහත්මිය එහිදී පැවසුවේ චීනය ජර්මනියේ වැදගත්ම වෙළඳ සහකරු බවයි. එමෙන්ම ද්විපාර්ශ්වික සහයෝගිතාවය පුළුල් පරාසයක පවතින අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී ප්රතිලාභ ලබා ගැනීමට හැකි වී ඇතැයි ද ඇය සඳහන් කර තිබෙනවා.