මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.
ඊට අදාළ කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
සමානුපාතික නියෝජන ක්රමය යටතේ ඡන්දය පැවැත්වෙන බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මැතිවරණ නිරීක්ෂණ ක්රියාවලිය ද අඛණ්ඩව සිදු කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.