ලෝකයේ දරුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට දුර ඇති දේ නොපෙනෙන බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
ලෝකයේ සිටින දරුවන්ගේ ඇස් පෙනීම ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින බවයි එම අධ්‍යයනය හෙළි කරන්නේ.
ළමයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුගේ මෙම තත්ත්වය පැහැදිලිව දක්නට ලැබෙන බව එම අධ්‍යයනය හෙළි කරනවා.
කොවිඩ් ලොක්ඩවුන් කාලසීමාව තුළ ළමයින් වැඩි පිරිසක් ජංගම දුරකතන තිරය දෙස බලාසිටීමට පුරුදු වී තිබීම මීර ප්‍රධාන හේතුවයි.
ඒ හේතුවෙන් ඔවුන් අඩු කාලයක් එළිමහනේ ගත කිරීම බහුලව දැක ගත හැකියි.
අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියාව වර්ධනය වන ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය 2050 වන විට තවත් මිලියන ගණනක ළමයින්ට බලපාන බව මෙම අධ්‍යයනය අනතුරු අඟවනවා.
ජපානයේ ළමයින්ගෙන් 85% ක් දකුණු කොරියාවේ 73% ක් චීනයේ හා රුසියාවේ 40% ක් දුර නොපෙනීම නිසා පීඩාවට පත්ව සිටිනවා.