ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 569 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රහාර හේතුවෙන් දස දහස් ගණනක් ලෙබනන ජනතාව දකුණු ප්‍රදේශයෙන් පලා යමින් සිටිනවා.
මාර්ග වල ඇතිව තිබෙන වාහන තදබදය තවමත් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර පුද්ගලයන් හය දෙනෙකුට මරු කැඳවමින් බේරූට් හි දකුණු ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් ඉහළ පෙළේ අණ දෙන නිලධාරි ඊබ්‍රාහිම් මුහම්මද් ඝාතනය කර දැමූ බව ඊශ්‍රායලය පවසනවා.
කෙසේ වෙතත් කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරනවා.
එමෙන්ම ලෝක නායකයන් කිහිප දෙනෙකු ඊශ්‍රායල ආක්‍රමණය හෙළා දැක තිබෙනවා.
ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 41,467 ක් මිය ගොස් 95,921 ක් තුවාල ලබා තිබෙනවා.