වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාසයට අයත් අංජලිගම කඳු රක්ෂිතයේ ගින්නකින් රක්ෂිතයේ අක්කර පහලොවකට වඩා විනාශ වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ ගින්න හටගෙන තිබුණා.
මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන් ගින්න රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රි වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී තිබෙනවා.