ශ්රී ලංකා පොදුජන පෙරමුණ ද ඉදිරි මහ මැතිවරණයට පක්ෂයක් ලෙස සූදානම් වන බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩලයේ සාකච්ඡාවක් එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණා.
ඒ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්.
ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ගැණුනා.