බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සිය ධුරයෙන් ඉල්ලා වී තිබෙනවා .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමිනුයි ඒ මහතා ඉල්ලා අස්වී ඇත්තේ
. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමා වෙත පැවරී තිබූ බලතල අනුව බස්නාහිර පළාතේ හා පළාත් රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා මෙන්ම ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කළ බව ද ඒ මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය ද ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා .
ඒ මහත්මිය තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත යොමුකර තිබෙනවා.
අනුර කුමාර දිසානායක මහතා නව ජනපති ලෙස පත්වීමත් සමඟ ඉදිරි කටයුතු සංවිධාන කිරීමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරුන් පවසන්නේ.