1970 වසරේ මාර්තු 6 වනදා කොළඹ දී උපත ලැබු හරිනි අමරසූරිය මූලික අධ්‍යාපන ලබා ඇත්තේ කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන්.
එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යා ආචාර්ය උපාධිය ලබාගත් හරිනි අමරසූරිය මෙනවිය ස්ත්‍රී පුරුෂ සමාජීයභාවය / සංවර්ධනය / ළමා ආරක්ෂාව / ගෝලීයකරණ සහ සංවර්ධනය / දේශපාලනය / විසම්මුතිය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර තිබෙනවා.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගු ප්‍රබල චරිතයක් වන හරිනි අමරසූරිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ද කටයුතු කළා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකාවක් වන ඇය 2019 වසරේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස මෙරට 16 වන පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ සාමාජිකාවක් වන ඇය ජාත්‍යන්තර සබදතා පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව / ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව ඇතුලු කාරක සභා රැසක සාමාජිකත්වය හොබවනු ලැබුවා.
ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම ශක්තිමත් කිරීම සදහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ හරිනි අමරසූරිය ගැහැණු අපි එකමිටට යන තේමාවෙන් මාලිමාව වටා කාන්තාවන් එක්රොක් කිරීමට ගෙන ගිය ව්‍යාපාරයේ ප්‍රධාන පුරුක ලෙස හැදින්විය හැකියි.
අසාධාරණයට එරෙහිව නිරතුරුව තම හඩ අවදි කළ හරිනි අමරසූරිය සත්‍ය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල කාන්තා චරිතයක් ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී සිටිනවා.
ඇය මෙරට 16වන අගමැති ලෙස මෙසේ දිවුරුම් දුන්නේ නව ගමනකට රට ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින්.