නීතිවිරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක් පවතින පුද්ගලයෙකුට එම තොරතුරු ඇතුළත් කිරීමෙන් තොරව පොලිස් වාර්තාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) දින නියෝග කර තිබෙනවා .
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පිලිබඳ අල්ලස් කොමිසම වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි සඳහන් වන්නේ .