ඇමරිකාවේ බෝයිං ගුවන් සමාගමට අයත් සේවකයින් දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
පාලන අධිකාරිය ලබාදීමට එකඟ වූ සියයට 25ක වැටුප් වර්ධකය ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම මාසය මුලදී ද බෝයිං සමාගමේ සේවකයින් 30,000ට අධික සංඛාවක් වැඩවර්ජනයක් කළ ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පාලන අධිකාරිය සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව එම වැටුප් වර්ධකය සියයට 30ක් දක්වා ඉහළ දැමීමට ඔවුන් එකඟතාවය පළකර ඇති බව අදාළ නිලධාරීන් සඳහන් කළා.
මෙම මස 27 වන දිනට ප්‍රථමයෙන් නව යෝජනාවට වෘත්තීය සමිති ප්‍රතිචාරයක් දීමට බලාපොරොත්තු වන බවයි පාලන අධිකාරිය වෘත්තීය සමිති වෙත දන්වා තිබෙන්නේ.
කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කාලය ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති බෝයිං සමාගම දන්වා ඇති බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ