කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ පුවතක් වාර්තා වනවා.
කොස්ගම – වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් වූ මෙම දුම්රිය එම අවස්ථාවේදී මගීන්ගෙන් පිරී තිබූ බවද සඳහන්.
අනතුරුව දුම්රිය රියදුරු සහ සහයක එක්ව යළිත් දුම්රිය ඇන්ජිම දුම්රිය මැදිරි දක්වා පසුපසට ධාවනය කර එකට සම්බන්ධ කිරීමෙන් පසු යළි කොළඹ කොටුව දක්වා ධාවනය කර තිබෙනවා.