ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ඩබ්ලිව් ජයසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගීත රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකුවන ඩබ්ලිව් ජයසිරි මහතා බොහෝ දෙනා හඳුනාගත්තේ චරිතාංග නළුවකු ලෙසයි.
ඔහුගේ පළමු වේදිකා නාට්‍ය හරිම බඩු හයක් දෙවන සංස්කරණයයි.
සුගතපාල ද සිල්වා මහතාගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය වන දුන්න දුනුගමුවේ මුතුකුමාරී වැනි නාට්‍යවලට සහ ධර්මසේන පතිරාජයන්ගේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයට ද දායක වුණා.
ඩබ්ලිව් ජයසිරි කලාකරුවාගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
අවසන් කටයුතු අද පස්වරු 05ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.