ශ්‍රී ලංකාව පිළිබද වැඩසටහනේ මීළඟ සමාලෝචනයේ කාල සීමා පිළිබඳව සාකච්ඡා කරන බවත් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඒ පිළිබඳව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ 2022 දී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණදීමෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත රටේ අනාගතය ගොඩනැගීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවට යටත්ව, ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන්නක් බවද මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනයේ කාලසීමා පිළිබඳව හැකි ඉක්මනින් නව පරිපාලනය සමඟ සාකච්ඡා කරන බවයි එම අරමුදල නිවේදනය කරන්නේ.