සිංගප්පුරුවේ හිටපු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියන් ඊශ්වරන්ට එරෙහි චෝදනාවලට ඔහු වැරදිකරු බව එරට අධිකරණය තීරණය කර තිබෙනවා.
සිංගප්පුරුවේ හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුර කාලය තුළ දී ත්‍යාග ලබා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවටයි වැරදිකරු වී තිබෙන්නේ.
අධිකරණය ඉදිරියේ ඔහු වරද පිළිගෙන ඇති බව ද සදහන්.
හිටපු ප්‍රවාහන අමාත්‍ය සුබ්‍රමනියන් ඊශ්වරන්ට මූලිකව දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා තිබුණ ද අද දින නඩු විභාගය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එම චෝදනා සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන්ට එරෙහි දූෂණ නඩුවක් සිංගප්පුරුව තුළ ඉතා විරළවන අතර මෙම නඩුව හේතුවෙන් එරට ජනතාව කම්පනයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
දූෂණ චෝදනා වරදකට සිංගප්පුරු ඩොලර් ලක්ෂයක් දක්වා දඩයක් හෝ වසර 7ක් දක්වා සිරදඩුවම් නියම කළ හැකියි.
කෙසේ වුව ද ත්‍යාග ලබා ගැනීමේ චෝදනාවට දඩයකට හෝ වසර දෙකක සිරදඩුවමකට යටත්වීමට හිටපු අමාත්‍යවරයාට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.