නවවන විධායක ජනාධිපති ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ සුබ පැතුම් එක් කරන බව එහි නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හැටන් කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී අදහස් දැක්වූ ඉලංගෝ ගාන්ධි මහතා,
ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක් වන තඹුත්තේගම ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක ඉපිද එහි සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබූ අනුර කුමාර දිසානායක මහතා නව දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ ඇති කළ උදාර පුද්ගලයෙක්.
අපිට මතකයි මොහු මැතිවරණ වේදිකාවල මේ රට සංවර්ධනය කරා ගෙනයන අකාරයත් මේ රටේ දුෂණය භීෂනය නිමා කර සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන බවටත් කළ ප්‍රකාශ එය ඉතා හොඳ දෙයක්.
මොකද මේ රටේ නිතිය සැමට එක හා සමාන විය යුතුයි එය නිසි ලෙසම ඔහු ඉටු කරනු ඇතැයි විශ්වාස කරනවා.
මොකද මේ රටේ සාමාන්‍ය ජනතාව කැමති මේ රට දූෂණයෙන් තොරව සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වන රටක් ලෙස දැකීමයි.
එය යථාර්තයක් කිරීමේ බලාපොරෝත්තුව මතයි මේ රටේ ජනතාව මෙව තම ඡන්දය මාලිමාවට ලබා දීමට පියවර ගත්තේ.
එමෙන්ම මේ වතුකරයේ ජනතාව ප්‍රශ්න රාශියක් මත ජීවත්වන පිරිසක් එම නිසා එම වතුකර ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ඇතැයිද අපේක්ෂා කරනවා.
මේ රට තුළ නව සංවර්ධන මාවතකට ගෙන යමින් මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමට නව ජනාධිපති අරුණ කුමාර දිසානායක මහතාට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.