ඊශ්රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.
ඊශ්රායලය එල්ල කළ ගුවන් ප්රහාරවලින් මේ වන විට පුද්ගලයින් 492 දෙනකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කෙසේවෙතත් වනාන්තර වියළි ප්රදේශවලට වැටුණු සුන්බුන් හේතුවෙන් අදාළ ප්රදේශවල ගිනිගැනීම් හටගෙන ඇති බව වාර්තා වනවා.
මෙම තත්ත්වය හමුවේ විටින් විට එල්ලවන මෙම ප්රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්රී ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.
ආරක්ෂිත නලා නාදවන සෑම අවස්ථාවක දීම තමන් අසල ඇති ආරක්ෂිත ස්ථානයට ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඊශ්රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්රකාශ කරනවා.