නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටින අතර ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇති බව සඳහන්.
නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතයි.