ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2006 වසරේ පැවැති යුද්ධයෙන් පසු හිස්බුල්ලා සටන්කාමීන් ගොඩනඟා තිබූ යටිතල පහසුකම් විනාශ කිරීමයි මෙම ගුවන් ප්‍රහාර වල අරමුණ වී ඇත්තේ.
එම මෙහෙයුමේදී හිස්බුල්ලා ඉලක්ක 1,300කට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ප්‍රහාර හෙතුවෙන් පවුල් දහස් ගණනක පිරිස් තම නිවෙස්වලින් පළා ගොස් තිබෙනවා.
හිස්බුල්ලා සටන්කාමීන් ද ප්‍රතිචාර දක්වමින් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200ක් පමණ එල්ල කර තිබෙනවා.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා වලට අනුව මියගිය අය අතර ළමයින් 35 ක් හා කාන්තාවන් 58 දෙනෙකු සිටිනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 1,645ක්.