5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂකවරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි අයෙක්.
ඔහු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
මේ අතර පසුගිය දා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා, නිරීක්ෂක සහ එහි සේවය කළ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී තිබුණා.
උතුරුමැද පළාත් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරයා ලබාදුන් වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සුදුසුයැයි අනුමත කර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.