පාකිස්ථානයේ දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැගත් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉන් එක් පකිස්ථාන පොලිස් නිලධාරියෙක් මිය ගොස් ඇති බවයි එරට ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ.
රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ප්‍රහාරයෙන් අනතුරක් සිදු නොවූ අතර ඔවුන් ආරක්ෂිතව ඉස්ලාමාබාද් අගනුවර වෙත ආපසු ගොස් තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාතේ සංචාරක ප්‍රදේශයකට ගමන් කරමින් සිටියදී ප්‍රහාරය එල්ල වී ඇති බවයි එරට ආරක්ෂ අංශ ප්‍රකශ කළේ.