නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩිකොල තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
තලෙයි මන්නාරම සහ නඩුකුඩා වෙරළ ප්රදේශයේදී මෙම බීඩිකොල තොගය සොයා ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
එහිදී බහාලුම් 04 ක අසුරා තිබූ බීඩිකොල 1318kg ක් සහ 206kg ,500g ක් වෙරළ තීරයට ගොඩගසා තිබියදී අදාළ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
තවද තලෙයි මන්නාරම සහ මන්නාරම් මුහුදු ප්රදේශයේදී මුහුදේ පාවෙමින් තිබූ ඇසුරුම් 16 ක අසුරන ලද බීඩිකොල 1050kg සහ 800g ක් සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.