නව ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා පත්කර තිබෙනවා.
ගුවන් හමුදාවේ තනතුරු ගණනාවක් දරා ඇති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා දශක තුනකට ආසන්න කලායක් මෙරට පැවති යුද්ධය අවසන් කිරිමේදී දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළ නිලධාරියෙක් ද වනවා.
විශ්‍රාම ලබා සිටින ඒ මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමටයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබෙන්නේ.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර තිබෙනවා.