අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරයට ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් මේ බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා ඇති බවයි වාර්තා වන්නේ.
අනුර කුමාර දිසානායක මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ මීලඟට පසුවන්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතායි.