සබරගමුව සහ ඌව පළාත්වල ආණ්ඩුකාරවරුන් සිය ධූර වලින් ඉල්ලා අස්වී තිබෙනවා.
සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ නවීන් දිසානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ආණ්ඩුකාර ධූරය දරන කාලයේ එම වගකීම ඉටු කිරීමට සහාය දුන් සියලු දෙනාට ඒ මහතා ස්තූතිය පිරිනමනවා.
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අනුර විදානගමගේ මහතා ද සිය අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකර තිබෙනවා.
ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ ඉතා කෙටි කාලය තුළ පක්ෂ පාට භේදයකින් තොරව සිය සේවය උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කළ බවයි ඒ මහතා පවසන්නේ.
මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද ඊයේ දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.