නව ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලොව දසතින් සුබපැතුම් පළ කෙරෙනවා.
විදේශ රාජ්‍ය නායකයන් , තානාපතිවරුන් ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මෙලෙස සුබපැතුම් එක් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඔබගේ ජයග්‍රහණය ගැන බෙහෙවින්ම සතුටට පත් වන බවයි.
අසල්වැසි පළමු රට ලෙස මෙම ජයග්‍රහණය සුවිශේෂී වන බව පවසන මෝදි මහතා දෙරටේ ජනතාව මෙන්ම කලාපය තුළ සමීප බහුවිද සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
පාකිස්ථාන ජනාධිපති අසීෆ් අල් සර්ධාරි සහ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් යන මහත්වරුන් ද අනුර කුමාර දිසානායක මහතා සිය සුබපැතුම් එක් කර තිබෙනවා.
ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ නව නායකත්වය සමග අත්වැල් බැද ගන්නා බවයි ඔහු පවසන්නේ.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා ද අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කර තිබෙනවා.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගන්නා අතර නව ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිලිවෙල සාර්ථක වේවා යැයද ඔහු ප්‍රාර්ථනා කරනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ චින තානාපතිවරයාද අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය සුබපැතුම් එක්කළා.
ඒ ඊයේ රාත්‍රියේ පැලවත්ත පක්ෂ මූලස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුපැතුම් පිරිනැමීමට පක්ෂ මූලස්ථානයට ඊයේ රාත්‍රියේ පැමිණ සිටියා.
දෙරටේම ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සබඳතා තවදුරටත් තර කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු එහිදී පැවසුවේ.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා සුබපැතුම් එක්කරමින් කියා සිටින්නේ දෙරට අතර ආර්ථික ඇතුළු සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු නව රජය කටයුතු කරන බවයි.
අනුර කුමාර දිසානායක මහතා වෙත ඇමෙරිකාව ද සුබපැතුම් එක් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලි චන්ග් සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපැතුම් පිරිනමමින් පවසා ඇත්තේ නව ජනාධිපතිවරායත් ජනතාවත් සමඟ ඇමෙරිකාව දැඩි මිත්‍ර සබඳතාවෙන් කටයුතු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බවයි ඇය එහිදී පවසා තිබෙන්නේ.
ආර්ථික හා සමාජීය ඉලක්ක මෙන්ම දෙරටේ ශක්තිමත් සබදතා සාක්ෂාත් කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පරිපාලනය හා ශ්‍රී ලංකාවාසි ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බව ජපානය පවසනවා.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයෙකි මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ.
ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා අනුර කුමාර දිසානායක මහතා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ජපාන තානාපතිවරයා තවදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර චීන ජනාධිපති ක්ෂි ජින්පින්ග් මහතා ද නව ජනාධිපතිවරයාට සුබපැතුම් එක්කර තිබෙනවා.
ලිපියක් යොමු කරමින් ඒ මහතා සදහන් කරන්නේ දෙරට අතර පවතින මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
එම මිත්‍රත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහාය අඛණ්ඩව ලබා දෙන බවයි ක්ෂී ජින් පින්ග් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.