තමන් මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුණහොත් නැවත තරග නොකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ලබන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඇති අතර පසුගිය වසර අට තුළ පක්ෂය විශාල ලෙස ප්‍රතිසංස්කරණ වලට ලක් කිරීමට ද කටයුතු කළා.
ඇමරිකා නීතිය අනුව ජනාධිපතිවරයෙක් වාර දෙකකට වඩා සේවය කිරීම තහනම් කර තිබෙනවා.
එබැවින් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් 2028 වසරේදී තරග කිරීමට නොහැකි වනවා.
වත්මන් ජනාධිපති ජෝ බයිඩෙන් තරඟයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව කමලා හැරිස් ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වයට පත්වුණා.
ඒ සමඟ ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් වන ආකාරයක් දක්නට ලැබුණු බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.
ට්‍රම්ප්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඩොලර් මිලියන 130ක් වෙන්කර ඇති අතර කමලා හැරිස් ඇයගේ ව්‍යාපාරය සඳහා අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 190ක් වෙන්කර තිබුණා.