නව ජනපති ලෙස තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතා ධුරයේ දිවුරුම්දීම අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අනුර කුමාර දිසානායක මහතා මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෙසේ දිවුරුම්දීම සිදු වනවා.
මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් තරග වැදුනු අනුර කුමාර දිසානායක මහතා වැඩි ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.
ඒ බව මැතිවරණ කොමිසම ඊයේ රාත්රියේ නිල වශයෙන් නිවේදනය කළා.