මෙරට නව වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා පැවති ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක මහතා ඡන්ද පනස් හය ලක්ෂ තිස් හතර දහස් නවසිය පහළොවක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්වුණා. ඒ දිස්ත්‍රික්ක 15ක් ජයග්‍රහණය කරමින්.
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් දෙවන මනාපය ගණන් කිරිම ද මෙවර ජනාධිපතිවරණයේ සුවිශේෂි සිදුවීමක්.
2024 ජනාධිපතිවරණයේ දිස්ත්‍රික් ප්‍රථිපල අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලවලින් පෙරමුණ ගත්තේ අනුර කුමාර දිසානායක මහතායි.
ඒ ඡන්ද හයලක්ෂ විසිනවදහස් නවසිය හැට තුනක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස 47.21ක්. සජිත් ප්‍රේමදස මහතා තුන්ලක්ෂ හතලිස් දෙදහස් එකසිය අටක් ලබා ගනිමින් 25.64ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ අසූ එක්දහස් හාරසිය තිස් හයක්.
එය ප්‍රතිශතයක් ලෙස වාර්තා වූයේ 21.09ක් ලෙසයි. නාමල් රාජපක්ෂ මහතා තිස්දහස් හාරසිය තිස් දෙකක් ලබා ගනිමින් 2.28 ප්‍රතිශතයක් වාර්තා කළා. *
ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද අටලක්ෂ නව දහස් හාරසිය දහයක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා පෙරමුණ ගත් අතර එය 55.5ක ප්‍රතිශතයක්. සජිත් ප්‍රේමදාස මහතා තුන්ලක්ෂ හතලිස් නව දහස් පන්සිය පනහක් ලබාගනිමින් 23.97ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ දහසය දහස් විසි අටක්. එය 14.81ක ප්‍රතිශතයක්. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද හතලිස් එක්දහස් එකසිය අනූතුනක් ලබා ගනිමින් 2.82ක ප්‍රතිශතයක් වාර්තා කළා.
කළුතර දිස්ත්‍රික්කයෙන්ද පෙරමුණ ගත්තේ අනුර කුමාර දිසානායක මහතායි. ඒ ඡන්ද තුන්ලක්ෂ අසූහත්දහස් හත්සිය හැට හතරක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස 47.43ක්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද දෙලක්ෂ තිස්හය දහස් තුන්සිය හතක් ලබා ගනිමින් 28.91ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් තුන්දහස් දෙසිය අසූපහක්. එය 17.53ක ප්‍රතිශතයක්. ඡන්ද විසි දෙදහස් හත්සිය විසිහතක් ලබාගනිමින් නාමල් රාජපක්ෂ මහතා 2.78ක ප්‍රතිශතයක් වාර්තා කළා.
ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්රථිපලවලින් ඉදිරියට පැමිණීමට අනුර කුමාර දිසානායක මහතාට හැකිවුණා. ඒ මහතාට ඡන්ද තුන්ලක්ෂ හැටහය දහස් හත්සිය විසි එකක් ලබා ගත් අතර එය 51.45ක ප්‍රතිශතයක්. සජිත් ප්‍රේමදාස මහතා එක්ලක්ෂ අසූනව දහස් පන්සිය පනස් පහක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 26.59ක්. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ හත්දහස් තුන්සිය තිස්හයක්. එය 15.06ක ප්‍රතිශතයක්. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද විසිහතර දහස් තුන්සිය අසූදෙකක් ලබාගත් අතර එය සදහන් වූයේ 3.42ක ප්‍රතිශතයක් ලෙසයි.
මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද දෙලක්ෂ අසූහත්දහස් හයසිය හැට දෙකක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා පෙරමුණ ගත්තා. එය 52.46ක ප්‍රතිශතයක්. සජිත් ප්‍රේමදාස මහතා එක්ලක්ෂ හතලිස් හත්දහස් හාරසිය හැට දෙකක් ලබා ගනිමින් 26.89ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව හැත්තෑනව දහස් දෙසිය හතලිස් නවයක්. එය ප්‍රතිශතයක් ලෙස 14.45ක්. නාමල් රාජපක්ෂ මහතා දාහතර දහස් නවසිය හැට දෙකක් ලබා ගනිමින් 2.73ක ප්‍රතිශතයක් වාර්තා කළා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ඉදිරියට පැමිණියේ අනුර කුමාර දිසානායක මහතායි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ විසි එක් දහස් නවසිය දහතුනක්. එය ප්‍රතිශතයක් ලෙස 51.96ක්. සජිත් ප්‍රේමදාස මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව එක් ලක්ෂ තිස් එක් දහස් පන්සිය තුනක්. එය 30.79ක ප්‍රතිශතයක්. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද තිස්තුන්දහස් දෙසිය දාහතක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වූයේ 7.78ක් ලෙසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නාමල් රාජපක්ෂ මහතා ඡන්ද විසිහයදහස් හත්සිය හතක් ලබාගත්තා. එය 6.25ක ප්‍රතිශතයක්.
රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ප්රතිඵලයෙන්ද ඡන්ද දෙලක්ෂ අනූඑක්දහස් හත්සිය අටක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ඉදිරියට පැමිණියා. එය 39.32ක ප්‍රතිශතයක්. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ පනස්හත්දහස් හත්සිය විසිඑකක්. එය වාර්තා වුයේ 34.74ක ප්‍රතිශතයක් ලෙසයි. රනිල් වික්‍රමසිංහ මහතා එක්ලක්ෂ හතලිස්පන්දහස් තිස් අටක් ලබාගනිමින් 19.55ක ප්‍රතිශතයක් වාර්තා කළා. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද විසිදහස් පන්සිය හැත්තෑ පහක් ලබාගත් අතර එහි ප්‍රතිශතය වාර්තා වූයේ 2.77ක් ලෙසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද පෙරමුණ ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වූ අතර ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් හත් දහස් එකසිය හැත්තෑ නවයක්. එය 43.39ක ප්‍රතිශතයක්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද එක්ලක්ෂ අසූපන්දහස් නවසිය තිහක් ලබා ගනිමින් 32.64ක ප්‍රතිශතයක් වාර්තා කළා. ඡන්ද එක්ලක්ෂ හය දහස් පන්සිය දහයක් ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා එම දිස්ත්‍රික්කයෙන් 18.7ක ප්‍රතිශතයක් ලබා ගත්තා. නාමල් රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එකොළොස් දහස් හත්සිය විසිදෙකක්. එය ප්‍රතිශතයක් ලෙස සටහන් වූයේ 2.06ක් ලෙසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද පන්ලක්ෂ හතලිස් හතර දහස් හත්සිය හැට තුනක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා පෙරමුණ ගත් අතර එය 48.2ක ප්‍රතිශතයක්. සජිත් ප්‍රේමදාස මහතා තුන්ලක්ෂ හැට අට දහස් දෙසිය අනූවක් ලබා ගත්තා. එය ප්‍රතිශතයක් ලෙස 32.58ක්. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් හය දහස් පන්සිය විස්සක්. එය 12.96ක ප්‍රතිශතයක්. නාමල් රාජපක්ෂ මහතා තිස්අටදහස් හත්සිය තිහක් ලබා ගනිමින් 3.43ක ප්‍රතිශතයක් වාර්තා කළා.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඡන්ද දෙලක්ෂ හත්දහස් එකසිය තිස් හතරක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා පෙරමුණ ගත්තා. එය ප්‍රතිශතයක් ලෙස 44.06ක්. සජිත් ප්‍රේමදාස මහතා එක්ලක්ෂ හැත්තෑ තුන්දහස් තුන්සිය අසූ දෙකක් ලබා ගනිමින් 36.88ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව හැටදහස් හත්සිය දහනවයක්. එය ප්‍රතිශතයක් ලෙස 12.92ක්. නාමල් රාජපක්ෂ මහතා දහතුන්දහස් දෙසිය අසූපහක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 2.83ක්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්රථිපලවලින් ද ඉදිරියට පැමිණියේ අනුර කුමාර දිසානායක මහතායි. ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ තිස්දහස් අටසිය අසූවක්. එය ප්‍රතිශතයක් ලෙස 46.12ක්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද එක්ලක්ෂ හත්සිය තිහක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 35.49ක්. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද තිස්හයදහස් නවසිය අටක් ලබාගත් අතර එය සියයට 13ක ප්‍රතිශතයක්. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද පන්දහස් පන්සිය අනූ හතරක් ලබාගත් අතර එය සටහන් වූයේ 1.97ක ප්‍රතිශතයක් ලෙසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දෙලක්ෂ අසූපන්දහස් නවසිය හතලිස් හතරක් ලබා ගනිමින් පෙරමුණට පැමිණියා. එහි ප්‍රතිශතය 47.37ක්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද දෙලක්ෂ දෙදහස් දෙසීය අසූනවයක් ලබා ගනිමින් 33.51ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව අසූ දෙදහස් එකසිය පනස් දෙකක්. එය සියයට 13.61ක ප්‍රතිශතයක්. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද පහළොස්දහස් විසිනවයක් ලබාගත් අතර එය 2.49ක ප්‍රතිශතයක් ලෙස සටහන් වුණා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්ද තුන් ලක්ෂ අනූහතර දහස් පන්සිය තිස් හතරක් ලබාගනිමින් අනුර කුමාර දිසානායක මහතා 42.26ක ප්‍රතිශතයක් වාර්තා කළා. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ විසිතුන් දහස් නවසිය අනූඅටක්. එය ප්‍රතිශතයක් ලෙස 34.71ක්. රනිල් වික්‍රමසිංහ මහතා එක්ලක්ෂ හැට දෙදහස් හත්සිය හතක් ලබා ගනිමින් 17.43ක ප්‍රතිශතයක් වාර්තා කළා. නාමල් රාජපක්ෂ මහතා ලබා ගත්තේ ඡන්ද දහනවදහස් හාරසිය තුනක්. එය 2.08ක ප්‍රතිශතයක්.
මාතලේ දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද එක්ලක්ෂ හතලිස් දහස් පන්සිය හතලිස් හතරක් ලබාගනිමින් පෙරමුණ ගත් අතර එය 41.37ක ප්‍රතිශතයක්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද එක්ලක්ෂ විසි එක්දහස් අටසිය තුනක් ලබා ගනිමින් 35.85ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව පනස්තුන්දහස් අටසිය විසි නවයක්. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ 15.84ක් ලෙසයි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද දසදහස් තුන්සිය විසි හතක් ලබාගනිමින් 3.04ක ප්‍රතිශතයක් වාර්තා කළා.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද දෙලක්ෂ එක්දහස් අටසිය දාහතරක් ලබාගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණට පැමිණි අතර එය 42.58ක ප්‍රතිශතයක්. රනිල් වික්‍රමසිංහ මහතා එක්ලක්ෂ තිස්අට දහස් හයසිය දහනවයක් ලබා ගනිමින් 29.25ක ප්‍රතිශතයක් වාර්තා කළා. අනුර කුමාර දිසානායක මහතා එක්ලක්ෂ පන්දහස් පනස් හතක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වූයේ 22.17ක් ලෙසයි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද අටදහස් අටසිය විසි එකක් ලබා ගනිමින් 1.86ක ප්‍රතිශතයක් වාර්තා කළා.
මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයෙන් ඉදිරියට පැමිණියේ අනුර කුමාර දිසානායක මහතායි. ඒ ඡන්ද එක්ලක්ෂ හතලිස් දහස් දෙසිය හැට නවයක් ලබාගනිමින්. 41.86ක ප්‍රතිශතයක්ද වාර්තා කරමින්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද එක්ලක්ෂ තිස්හතර දහස් දෙසිය තිස් අටක් ලබාගත්තා. එය 40.06ක ප්‍රතිශතයක්. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව තිස්පන්දහස් හත්සිය විසිඅටක්. එය ප්‍රතිශතයක් ලෙස සටහන් වූයේ 10.66ක් ලෙසයි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද දොළොස්දහස් අටසිය තිස් දෙකක් ලබා ගනිමින් 3.83ක ප්‍රතිශතයක් වාර්තා කළා.
ඡන්ද දෙලක්ෂ දහනවදහස් හයසිය හැත්තෑ හතරක් ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණ ගත් අතර එය 38.61 ක ප්‍රතිශතයක්. අනුර කුමාර දිසානායක මහතා එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද එක්ලක්ෂ අනූහත් දහස් දෙසිය අසූතුනක් ලබා ගනිමින් 34.68ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ පහළොස් දහස් එකසිය තිස්අටක්. එය ප්‍රතිශතයක් ලෙස 20.24ක්. නාමල් රාජපක්ෂ මහතා දහතුන් දහස් අටසිය හැට නවයක් ලබා ගනිමින් දෙකයි දශම හතරයි හතරක ප්‍රතිශතයක් වාර්තා කළා.
යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ප්රථිපලවලින් පෙරමුණ ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. ඒ ඡන්ද එක්ලක්ෂ විසිඑක්දහස් එකසිය හැත්තෑ හතක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස 32.6ක්. .අරියනේන්ද්‍රන් පාක්‍යසෙල්වම් මහතා ඡන්ද එක්ලක්ෂ දාසය දහස් හයසිය අසූඅටක් ලබා ගත් අතර එය 31.39ක ප්‍රතිශතයක්. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද අසූහතර දහස් පන්සිය පනස් අටක් ලබාගත්තා. එය ප්‍රතිශතයක් ලෙස 22.75ක්. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද විසිහත්දහස් අසූහයක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සදහන් වූයේ 7.29ක් ලෙසයි.
වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලවලට අනුව සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණ ගත්තා. ඒ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව අනූපන්දහස් හාරසිය විසි දෙකක්. එය 43.92ක ප්‍රතිශතයක්. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද පනස් දෙදහස් පන්සිය හැත්තෑ තුනක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 24.2ක්. අරියනේන්ද්‍රන් පාක්‍යසෙල්වම් මහතා ඡන්ද තිස්හය දහස් තුන්සිය හැත්තෑ හතක් ලබාගත් අතර එය 16.74ක ප්‍රතිශතයක්. අනුර කුමාර දිසානායක මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඡන්ද විසිඑක් දහස් හාරසිය දොළහක් ලබා ගත්තා. එය ප්‍රතිශතයක් ලෙස සටහන්වූයේ 9.86ක් ලෙසයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව පෙරමුණ ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. ඒ ඡන්ද එක්ලක්ෂ තිස්නව දහස් එකසිය දහයක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස 43.66ක්. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද අනූඑක් දහස් එකසිය තිස් දෙකක් ලබා ගනිමින් 28.6ක ප්‍රතිශතයක් වාර්තා කළා. අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව තිස් අටදහස් අටසිය තිස් දෙකක්. එය සියයට 12.19ක්. අරියනේන්ද්‍රන්
පාක්‍යසෙල්වම් මහතා ඡන්ද තිස්හය දහස් නවසිය පහක් ලබාගනිමින් 11.58ක ප්‍රතිශතයක් වාර්තා කළා.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දෙලක්ෂ තුන්සිය අසූතහරක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණියා. එය 47.33ක ප්‍රතිශතයක්. අනුර කුමාර දිසානායක මහතා එක්ලක්ෂ අටදහස් නවසිය හැත්තෑ එකක් ලබා ගනිමින් 25.74ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව අසූහය දහස් පන්සිය අසූනවයක්. එය 20.45ක ප්‍රතිශතයක්. . අරියනේන්ද්‍රන් පාක්‍යසෙල්වම් ඡන්ද නවදහස් නවසිය අසූපහක් ලබා ගනිමින් 2.36ක ප්‍රතිශතයක් වාර්තා කළා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඡන්ද එක්ලක්ෂ විසිදහස් පන්සිය අසූඅටක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණගත් අතර එය 50.36ක ප්‍රතිශතයක් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද හතලිස් නව දහස් අටසිය අසූහයක් ලබා ගනිමින් 20.83ක ප්‍රතිශතයක් වාර්තා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද හතලිස් දහස් හාරසිය අනූහයක් ලබාගත්තා. එය ප්‍රතිශතයක් ලෙස 16.91ක්. අරියනේන්ද්‍රන් පාක්‍යසෙල්වම් මහතා ඡන්ද දහඅට දහස් පන්සිය විසිහතරක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 7.74ක ප්‍රතිශතයක්. ****
2024 ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද ගණන් කිරීමෙන් පසු කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 ප්‍රතිශතය ඉක්මවා නොයාම හේතුවෙන් දෙවන මනාප ගණන් කරන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.
ඒ අනුව පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අවසන් වන විට අනුර කුමාර දිසානායක මහතා ඡන්ද පනස් හය ලක්ෂ තිස් හතර දහස් නවසිය පහළොවක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටියේ සියයට 42.31 ක ප්‍රතිශතයක් වාර්තා කරමින්.
සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද හතලිස් තුන්ලක්ෂ හැටතුන්දහස් තිස්පහක් ලබා ගනිමින් සියයට 32.76 ක ප්‍රතිශතයක් හිමිකරගෙන තිබුණා.
රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව විසිදෙලක්ෂ අනූනවදහස් හත්සිය හැටහතක්. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ 17.27ක් ලෙසයි.
නාමල් රාජපක්ෂ මහතා තුන්ලක්ෂ හතලිස් දෙදහස් හත්සිය අසූඑකක් ලබා ගනිමින් සියයට 2.57ක ප්‍රතිශතයක් වාර්තා කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.