දෙවනි මනාපය ගණන් කිරිමේ දී මැතිවරණ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභා පනතට පටහැනිව ක්‍රියාකර ඇති බවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරනවා.
අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.
මේ අතර අදාළ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ නිලධාරීන්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් තම පක්ෂය අගතියට පත්ව ඇති බැවින් ඒ පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවිය යුතු බවයි.