ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් අද දිනයේ සිට තමා ඉල්ලා අස්වන බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විශේෂ ලිපියක් යොමුකරමින් සදහන් කර ඇත්තේ.
අදාළ ලිපිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත යොමුකර තිබෙනවා.
ජනාධිපතිවරණයේ ප්රතිඵල සැලකිල්ලට ගනිමින් තමා මෙම තීරණයට එළඹි බවයි ඔහු සිය ලිපියෙන් දන්වා ඇත්තේ.