පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් මොලගොඩ ප්රදේශයෙන් වාර්තා වනවා.
මෙම පුද්ගලයා අසල්වැසි නිවසට ගොස් නැවත පැමිණෙන අතරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා 37ත් හැවිරිදි පල්පාත, මොලගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෑගල්ල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.