ඡන්ද නීති කැඩූ පුද්ගලයින් කිහිපදෙනෙකු අද ( 21 ) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා .
ඒ අතර ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ අද (21) දින නීති විරෝධී ප්රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙම පුද්ගලයා අවු: 51 වන ඉබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්
මේ වන විට අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට කටයුතු කල බවයි පොලීසිය පවසන්නේ .
සිදුවීම සම්බන්ධයෙන් ගලපිටමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා .