2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම සාර්ථකව අවසන් වුණා.
ඉතා ඉහළම ප්‍රතිශතයකින් ඡන්දය භාවිත කෙරුණු බවයි තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශ කළේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවති බවට මැතිවරණ නිරීක්ෂකයන් ද සහතික වනවා.
ඡන්දය ප්‍රකාශ කිරිමේ කටයුතු අවසන් කිරීමත් සමඟ ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථාන කරා රැගෙන යාමට කටයුතු කරන ආකාරය දැකගත හැකි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
ප්‍රතිඵල කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.