මැතිවරණ ප්රතිඵල රූපවාහිනි හෝ විශාල තිර යොදා ගෙන මහමග රැස් වී නැරඹීම, ප්රතිඵල විකාශනය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් එක් රැස්වී රතිඤ්ඤා පත්තු කර පාරවල්වල විනෝදවීම,ආලෝක සහිත බැලුන් ගුවනේ පා කර යැවීම යනාදිය නීතියෙන් තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එවැනි එක්රැස් වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමටත් ඒවාට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් හැකියාව පවතින බැවින් එවැනි ක්රියාවලින් වළකින ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩ ිදුරටත් අවධාරණය කරන්නේ.