මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බව පොලීසිය පවසනවා.
මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ නිවසේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්රදේශයේ පදිංචිකාරියක්.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මිරිහාන පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.