සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීවගේ සිරකුටිය හදිසියේ සෝදිසි කළ අවස්ථාවේ ඔහු විසින් ජංගම දුරකතනයක් පොලවේ ගසා විනාශ කළ බව විශේෂ කාර්ය බලකාය පවසනවා.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සී කොටසේ රඳවා සිටින ගණේමුල්ල සංජීවගේ සිරකුටිය විශේෂ කාර්ය බලකාය ඊයේ හදිසි සෝදිසිකිරීමකට ලක්කර තිබෙනවා.
එහිදී ගනේමුල්ල සංජීව යන අය නවීන ජංගම දුරකතනයක් පොලවේ ගසා කුඩු කර ඇති අතර එම දුරකතනය පුපුරා ගිනි ගැනීමකට ලක්වු බව විශේෂ කාර්ය බලකාය පවසනවා.
ගිනි ගෙන විනාශ වී ඇති ජංගම දුරකතනයෙහි සිම්පත් හෝ සිම්පත් යොදන ට්‍රේ කොටස නොමැති බවත් ඉදිරි විමර්ෂණ සඳහා එය බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාරදුන් බවත් එම බලකාය සඳහන් කරනවා.