නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ වුණා.
අවශ්‍ය තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවයි කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.
2023 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵලමත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ඊයේ නිකුත් කළා.
ඒ අනුව අද සිට ලියාපදිංචිය සිදුකරන බවයි සභාපතිවරයා පවසන්නේ.
ලබන දෙසැම්බර් මාසයට පෙර සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමට නියමිතයි.
මේ අතර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අගහරුවාදා යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නේවාසිකාගාරවලට ළමුන්ට අනිද්දා පැමිණිය හැකි බවයි පාලනාධිකාරිය පවසන්නේ.