අධික වර්ෂාවත් සමඟ ඇති වූ විශාල ගංවතුර තත්ත්වයක් පිළිබඳව කාලගුණ අනාවැකිකරුවන් අනතුරු ඇඟවීමත් සමඟ මධ්‍යම ජපානයේ නගර දෙකක පුද්ගලයන් 30,000 කට පමණ ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව වජිමා නගරයේ පුද්ගලයන් 18,000 කට පමණ සහ සුසු හි තවත් 12,000 කට හොන්ෂු දූපතේ ඉෂිකාවා ප්‍රාන්තයේ නවාතැන් ගන්නා ලෙසයි දන්වා ඇත්තේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මගින් ප්‍රාන්තයේ කොටස් සඳහා අධික වැසි හදිසි අවස්ථාවක් නිවේදනය කර ඇති අතර එය ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමක් බව විදෙස් වාර්තා පවසනවා.
රාජ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් ,ජපානයේ මහජන විකාශක NHK සඳහන් කරන්නේ,ප්‍රාන්තයේ ගංගා 12 ක ඉවුරු බිඳී ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය අලුත් අවුරුදු දිනයේ රික්ටර් පරිමාණයේ 7.5 ක මාරාන්තික භූමිකම්පාවෙන් පසු මෙම කලාපය තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා.