ලද සැණින් එසැණින් මැතිවරණ ප්‍රතිඵල ඔබ වෙත ගෙන ඒම සඳහා විචිත්රාංග රැසක් ද සමඟින් විශේෂ මැතිවරණ විකාශයක් පවත්වාගෙන යාමට ස්වාධීන රූපවාහිනිය හෙට ( 21 )දින දිනයේ දී කටයුතු යොදා තිබෙනවා.
හෙට(21)දින පස්වරු එකේ සිට ක්‍රියාත්මක මැතිවරණ විකාශය අතරතුර විවිධ විචිත්රාංග රැසක් ප්‍රේක්ෂක ඔබ වෙත ගෙන ඒමට ස්වාධීන රූපවාහිනිය අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
ලද සැණින් එසැණින් ප්‍රතිඵල ගෙන එනවාට අමතරව විශේෂ ප්රවෘත්ති විකාශ චිත්‍රපට සහ සංගීතමය වැඩසටහන් ඇතුළු විචිත්රාංග රැසක් ගෙන ඒමටයි අප සූදානම්ව සිටින්නේ.
හෙට ( 21 ) දින පස්වරු එකේ සිට ස්වාධීන රූපවාහිනි මැතිවරණ විකාශය හා එක්වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිනවා.