පොළොන්නරුව, මැදිරිගිරිය, දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල්වැඩපලක නවතා තිබූ වටිනා යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)දින රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු විසින් ගිනිතබා තිබෙනවා.
මේ සඳහා පැමිණි පුද්ගලයන් ආරක්ෂක නිළධාරියාට පහරදී තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ .
ගිනි තැබීම සිදුකිරීමෙන් අනතුරුව එම පුද්ගලයින් ආරක්ෂක නිලධාරියා ගසක බැද පහර දී පලාගොස් තිබෙන බවද පොලිසිය ප්‍රකාශ කර සිටිනවා .
ගිනි තැබූ යන්ත්‍ර අතර එක්ස්කැවේටර් යන්ත්‍ර 02ක් හා ගල් විඳීම සඳහා යොදා ගන්නා ලද යන්ත්‍රයක් වන බවයි පොලීසිය පවසන්නේ .
පහරකෑ ආරක්ෂක පුද්ගලයාට තරමක් අසාධ්‍ය බවයි රෝහල් ආරංචිමාර්ග වාර්තා කරන්නේ .
පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර සිටිනවා