ජාතික ඔරු පැදීමේ කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම සමත්ව තිබෙනවා.
ශ්රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය (NACKSL) විසින් 8 වරටත් සංවිධානය කරනු ලැබු ජාතික ඔරු පැදීමේ තරගාවලිය සැප්තැම්බර් 14 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වුණා.
ඒ, යාපනය කොටුවට ඔබ්බෙන් වූ දර්ශනීය මුහුදු තීරයේදීයි.
එහිදි ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම විවෘත කාන්තා ශූරතාව හා විවෘත කාන්තා දක්ෂතම Paddle ශූරතාව දිනාගත් අතර අවුරුදු 23න් පහල පිරිමි ශූරතාව ගුවන් හමුදා කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණා.
මෙම තරගාවලියේදී ගුවන් හමුදා කාන්තා හා පිරිමි ඔරුපැදීමේ කණ්ඩායම් විසින් රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් සමස්ථ පදක්කම් 20ක් දිනා ගැනීමට සමත් වීමද විශේෂත්වයක්.
ජාතික ඔරු පැදීමේ තරගාවලියේ ජයග්රාහක ජයග්රාහිකාවන් සදහා කුසලාන හා සහතික පත් පිරිනැමීමේ ප්රධානොත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ උතුරු පළාත් ප්රධාන ලේකම් එල්.ඉලංගෝවන් මහතායි.
ශ්රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී මාලා ළමාහේවා සහ ගුවන් හමුදා ඔරු පැදීමේ සභාපති එයාර් කොමඩෝර් අසිත හෙට්ටිආරච්චි, ගුවන් හමුදා පලාලි කදවුරේ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් චමින්ද හේරත්, යන මහත්මීන් මහත්වරුන් ඇතුළු ක්රීඩා ලෝලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.