තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන 24 වනදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය දැනුම් දී තිබෙනවා.
සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට නේවාසිකාගාර වෙත ආපසු පැමිණීමේ හැකියාව පවතිනවා.
ඉකුත් 12 වනදා විශ්වවිද්‍යාලය වසා දැමුණේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්.