මාලි රාජ්‍යයේ පොලිස් පුහුණු කඳවුරක් හා ගුවන්තොටුපළකට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් 70කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ ත්‍රස්ත කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාලි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.
මාලි රාජ්‍යය තුළ සටන්කාමීන් හා රජයේ ආරක්ෂක අංශ අතර ගැටුම් ආරම්භ වී දශකයකට පමණ කාලයක් ආසන්න අතර එම කාලය තුළ දී එල්ල වු දැවැන්තම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 77 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 255 දෙනෙකු තුවාල ලබා ඇති බව ඒ එෆ් ටී පුවත් සේවය පවසනවා.
කෙසේ වුව ද ජිවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ හා හැකි බවයි එම පුවත් සේවය සඳහන් කරන්නේ.