මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවකු විදේශයක සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස මොහු රුපියල් ලක්ෂ 108 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 32 ක් වන මෙම සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශණ සිදු කරනවා.