කල්පිටිය වෙල්ලමුන්දලම සහ කෝලන්කනත්ත ප්රදේශවලදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ උර පහක (05) අසුරන ලද බීඩි කොළ 1648kg තොගයක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
තවද වෙරළ ප්රදේශයේ ලඳු කැළෑවක් තුළ සඟවා තිබූ උර (45) අසුරන ලද බීඩි කොළ 1479kgක් සහ 169kg තොගයක්ද මෙලෙස නාවික හමුදාව භාරයට ගත් බවයි සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පලාත් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත භාර දුන් බව නාවික හමුදා නිලධාරීන් ප්රකාශ කළා.