පුත්තලම කල්අඩිය කළාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා පවසනවා .
තිල්අඩිය දෙවන හරස් වීදිය හා තුන්වන හරස් වීදිය පදිංචිකරුවන්ට අදාළ ජන්ද පත්‍රිකා බෙදා නොදී වෙළඳසැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ .
මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ ජන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට කටයුතු කළ බව පුත්තලම තැපැල් ස්ථානාධිපතිවරයා පවසනවා ..