චිලී රාජ්‍යයේ සමාගමක් විසින් ඇන්ටාක්ටිකාවේ විදුලි බස් සේවාවක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
රීබෝර්න් ඉලෙක්ට්‍රික් මෝටර්ස් සමාගම මෙම සේවාව ආරම්භ කර ඇති අතර එය 100% ක් චිලී රාජ්‍යයේ නිපදවන නිසා මගීන් 24 දෙනෙකුට එහි ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි එරට මාධ්‍ය පවසන්නේ.
ඒබීඑස් තිරිංග පද්ධතියකින් සමන්විත බස් රථයට එක් ආරෝපණයකින් කිලෝමීටර් 200 ක දුරක් ගමන් කිරීමේ හැකියාවක් පවතින අතර චිලී ගුවන් සේවය මෙම බස් සේවාව මෙහෙයවනු ලබනවා.
දේශගුණ හා කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි මෙහි බැටරිය නිපදවා තිබෙන අතර මෙම තාක්ෂණය ඇටකාමා කාන්තාරය හා ඇන්ඩීස් කඳු ඇතුළු අනෙකුත් සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ සඳහා ද අත්හදා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.